බ්‍රසීල කාන්තාවකට අත තිබ්බොත් ලෝක අමාරුවේ
බ්‍රසීල පාර්ලිමේන්තුව කාන්තා හිංසනයට එරෙහි දැඩි නීති මාලාවක් සම්මත කෙළේය. පසුගිය වසරට වඩා මෙම වසරේ මාස හයක දී කාන්තාවනට සිදු වූ හිංසන පැමිණිලි තුන්ලක්ෂ පනස් දහසක් ලැබී ඇතැයි බ්‍රසීල පොලිසිය පවසයි. නව නීතිය අනුව කාන්තාවක හිංසනයට ලක් කරන පුද්ගලයකු හිර ගෙට නොයවන නමුත් ඇයට වන්දි දිය යුතුය. එමෙන්ම එම කාන්තාව මූල්‍ය ආයතනයකින් ණයක් ගෙන තිබේ නම් එම ණය මුදල ද ගෙවිය යුතුය. ඊට අමතරව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වන තෙක් වියදම් හා සියලු මුදල් ඔහු විසින් ගෙවා දැමිය යුතුය. ආබාධිත කාන්තාවක හිංසනයට ලක් කරන්නකුට ඇය ජිවත්වන තාක්කල් ජිවත් වීමට සරිලන මුදලක් මාස් පතා ගෙවීමට වේ. කාන්තා හිංසනයට එරෙහිව පෙනී සිටින සංවිධානය කියනුයේ පහරදීමකට හෝ ඕනෑම හිංසනයකට ලක්වන කාන්තාවක් ඉතා ඉක්මණින් ළඟම ඇති පොලිසියට පැමිණිලි කරන ලෙසයි. පසුගිය වසරේ ජනවාරි පළමු වැනි දා සිට බ්‍රසීලයේ ජනාධිපතිවරිය වශයෙන් වැඩ බාරගත් ඩිල්මා රූසෙව් කාන්තා හිංසනය තදින් පිළිකුල් කරන්නියකි.

