බ්ලේක් සැප්තැම්බරේ එයි


දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් රොබට්  ඕ බ්ලේක් සැප්තැම්බර් මුල් සතියේදී නිල සංචාරකයක් සඳහා මෙරටට පැමිණෙන බව තානාපති ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර ද්වීපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් බ්ලේක් දෙමළ ජාතික සන්ධානයේ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නියෝජිතයින්ද හමුවීමට නියමිතය.