බළලා මල්ලෙන් එළියට දාලා - රියැදුරා ම සොයන්න යවලා


ගෝනපොළ ඔලබොඩුවේ සිට ආ ත්‍රිරෝද රථයක් බණ්ඩාරගම හඳුන්වැන්න සොහොන් බිම අසලදී නවත්වා පෙට්ටියකින් එළියට  බළලුන් දැමූ ත්‍රිරෝද රියැදුරකු අල්ලා ගත් ගැමියෝ සීසීකඩ විසිරී ගිය බළල් පැටවුන් සොයාගෙන එන්නැයි දැන්වූහ. ඒ වන විට ඔහගේ රියේ හුළං ඇර ඔහුගේ බලපත් ආදී ලියවිලි ද එහි සිටි අය අතට පත් වී තිබේ.  අඩුගණනනේ බළලුන් හතර දෙනෙක්වත් සිටිනනට ඇතැයි කියති. බළලුන් ටික ඔහුටම බාර දීම සඳහා ඔහු බළලුන් සෙවීමට පිටත් කැ යැවූ බව කියයි.