බළපිටිය ප්‍රා: උප සභාපතිටයි මස්සිනාටයි දඩ


බළපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති  අජන්ත ගුණරත්න ද සිල්වා සහ ඔහුගේ මස්සිනා කසුන් සම්පත්ට තිස්සමහාරාම මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා රුපියල් 2500 බැගින් දඩ නියම කෙළේය. මත්පැන් බී කතරගම නගරයේ අසභ්‍ය වචන කියමින් වන්දනාකරුවන්ට හිරිහැර වන සේ ඔවුන් හැසිරුණු බව පොලිසිය මහේස්ත්‍රාත්ට සැළ කෙළේය.