බළපිටිය උප සභාපති කතරගම දී පොලිස් අත්අඩංගුවට
කතරගම දී බීමත්ව, අශෝභන ලෙස හැසුරුනේ යැයි සැකපිට බළපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජන්ත ගුණරත්න සිල්වා හා ඔහුගේ සමීප නෑයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි. කතරගම දුටුගැමුණු විශ්‍රාම ශාලාව ඉදිරිපිට වූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් තිස්සමහාරාම උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

