(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව රයිගම කොතලාවල රේන්දවත්ත පාරේ නිවසකට පොලු මුගුරු රැගෙන කඩා වැදුණු පුද්ගලයන් සිව් දෙනෙකු සිදුකළ පහරදීමකින් නිවෙස් හිමියා බරපතල ලෙස තුවාල ලබා ඇති අතර නිවසට හා වාහන දෙකකට ද අලාභ හානි සිදු වී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
තුවාල ලද නිවෙස් හිමියා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙ පහරදීමෙන් නිවසේ වීදුරු ජනේල දෙකකට කැබ් රථයකට හා ත්‍රි රෝද රථයකට ද බරපතල හානි වී ඇති බව පොලිසිය පවසයි.
රයිගම ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකට නිවෙස් හිමි සහ පහරදීමට පැමිණි පුද්ගලයෙකු සහභාගී වී ඇත. පහරදීමට පැමිණි පුද්ගලයා නිවසට යාම සඳහා යතුරු පැදිය පණගැන්වීමට නොහැකි ව ඇතැයි පොලිසිය කියයි
.
ඒ ආසන්නයේ සිටි නිවෙස් හිමියාට යතුරු පැදිය පණ ගැන්වීම සඳහා මදක් තල්ලු කරන ලෙස එම පුද්ගලයා කළ ඉල්ලීමක් මත ඔහු යතුරු පැදිය තල්ලු කර එය පණගැන්වීමට උදව් කර ඇතැයි සැලවේ.