(ඩයනා උදයංගනී)
කොවිඞ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස බස් රථවල හා දුම්රිය තුළ සිගමන් යැදීම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරුන්ට හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී තිබේ.

පොදු ප්‍රවාහන සේවා ඔස්සේ කොවිඞ් 19 වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉදිරියේදී ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේදී පැවති අතර අමාත්‍යවරයා එහිදී මෙම උපදෙස් ලබාදී ඇත.
දුම්රිය හා බස්රථ තුළ යාචකයින් හැසිරෙන ආකාරය කොවිඞ් 19 වසංගතය ව්‍යාප්තියට බලපෑ හැකි බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් බස් රථවල හා දුම්රිය තුළ සිගාකෑම තහනම් කරන්නැයි අමාත්‍යවරයා මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එහිදී එම යාචක ජනතාවට දඩුවම් නොකර ඔවුන්ට කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා මුහුණ පෑ හැකි අනතුර සම්බන්ධව පැහැදිලි කර දෙන්නැයි අමාත්‍යවරයා උපදෙස් දුන් බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

