බස්නාහිරින් බරපතල අපරාධවලට සම්බන්ධ 86 ක් අත්අඩංගුවට


විශේෂ මෙහෙයුමේදී බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත වාර්තා වූ බරපතළ ගණයේ අපරාධ 86 කට සම්බන්ධ සැකකරුවන් 86 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ගතවු  පැය 12 ක  කාලයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් අතර  ස්ත්‍රී දූෂණ 04 ක් , ගෙවල් බිදුම් 17 ක් , දේපළ සොරකම් 26 ක් , කොල්ලකෑම් 09 ක් , බරපතළ තුවාල සිදුකිරීම් 14 ක් ඇතුළු විවිධ අපරාධ 86 ක සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම වරෙන්තුකරුවන් 291 ක් ද , සුළු අපරාධයන් සදහා අවශ්‍ය සැකකරුවන් 110 ක් ද , විවිධ මත්ද්‍රව්‍ය හා මත්පැන් සම්බන්ධ වැරදි සදහා සැකකරුවන් 388 ක් ද , සැකපිට පුද්ගලයින් 175 ක් ද වශයෙන් අත්අඩංගුවට පත්ව ඇති අතර ඒ අනුව මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 1050 ක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.