බස්නාහිර සබේ අයවැයත් එයි


බස්නාහිර පළාත් සභාවේ 2016 අයවැය ප‍්‍රකාශය එහි මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍ය හා ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා විසින් අද එම පළාත් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙවර අයවැය ප‍්‍රකාශයේ ඇස්තමේන්තුගත මුළු වියදම රුපියල් මිලියන 67,689ක් වන අතර, එය පසුගිය අයවැයට වඩා සියයට 39.53ක වැඩිවීමකි.

අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් මිලියන 27,195ක් වෙන් කර ඇත.

අඩක් නිම කර ඇති පාසල් ගොඩනැගිලි නිමකිරීම, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික්කයන්හි තෝරාගත් පාසල්වලට විදේශීය භාෂා ඉගෙනීමේ පහසුකම් ලබාදීම, විභාග ප‍්‍රතිඵල ඉහළ නැංවීම ආදී කටයුතු රැසක් වෙනුවෙන් මෙම මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් මහ ඇමතිවරයා කීවේය.

සංස්කෘතිය හා කලාව, ක‍්‍රීඩා කටයුතු, පළාත් පාලන කටයුතු, විදුලිබල හා බලශක්ති කටයුතු, පරිසර කටයුතු, සංචාරක කටයුතු සංවර්ධනය, අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු විවිධ අංශ සඳහා අයවැයෙන් මුදල් වෙන්කර තිබේ.

ප‍්‍රධාන අමාත්‍යවරයා අයවැය කතාව ඉදිරිපත් කරන අතරතුරදී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක යූ.ජෝර්ජ් පෙරේරා මහතා බාධාකාරී ලෙස හැසිරිම හේතුවෙන් එසේ නොකරන ලෙස ඔහුට කිහිප වරක්ම අවවාද කිරීමට සභාපතිවරයාට සිදුවිය.

isura_201511243 isura_2015112432