ලංගම රියැදුරකු හා කොන්දොස්තරවරයකු ද පෞද්ගලික බස් රියැදුරකු හා කොන්දොස්තරවරයකු ද සාලියවැව දි පාරේ ගුටි බැට හුවමාරුකර ගත් සිද්ධියක් සම්බන්ධයෙන් සිව් දෙනාම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කොළඹ බලා ආ මෙම බස් දෙක සෙනඟ ගැනීමේදී ඇතිවූ ප්‍රශ්නයක් මත මෙසේ රණ්ඩු වී ඇතැයි පොලිසිය කියයි. අද සවස ඔවුහු පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.