බස් සේවකයෝ උද්ඝෝෂණයේ
බළපිටියේ දී පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුට ගල් ගසා දත් කැඩූ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අම්බලන්ගොඩ පෞද්ගලික බස් සේවකයෝ අම්බලන්ගොඩ ඩිපෝවේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. පොලිසිය කියනුයේ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවයි. එහෙත් බස් සේවකයන් කියනුයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන නැති බවයි. මේ අතර ගල් පහර කෑ කොන්දොස්තර කොළඹට මාරු කරයවා ඇත.

