(ජේ.කේ.එල් චාමින්ද)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සඳහා මේ වනවිට ශ්‍රී ලංගම රුහුණු ප්‍රදේශයට අයත් ඩිපෝ 11ම සේවකයින් එක්ව සිටින බවත් මේ සඳහා පාලනාධිකාරිය විසින් කඩිනමින් විසඳුමක් ලබා නුදුනහොත් අනිකුත් ප්‍රදේශවලට ද වර්ජනය පැතිරියා හැකි බව ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා පවසයි.
වැඩවර්ජනයට එක්ව සිටින ශ්‍රී ලංගම සේවකයින්ගේ සුරක්ෂිතභාවය හා ආරක්ෂාව වෙනුවෙන් තම සංගමය පෙනී සිටින බවද හෙතෙම පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සහ වෘත්තිය සමිත නියෝජිතයින් අතර අද (3) පස්වරු 2.00ට ශ්‍රී ලංගම ගාල්ල රුහුණු ප්‍රාදේශීය කාර්යාලය තුළ මේ පිළිබද සාකච්ඡාවක් පැවැත්වෙන බවද බන්දුල රත්නායක මහතා සඳහන් කළේය.

