බස් වර්ජනය තෙවැනි දිනටත්


අම්බලන්ගොඩ කොළඹ පෞද්ගලික බස් සේවක වර්ජනය අද තෙවැනි දිනටත් පැවැත්වේ. බස්නාහිර පළාතේ අනුමත සීමිත නැවතුම් පොළවල බස් නැවැත්වීමට බලධරයන් ඉඩ නොදෙතියි බස් හිමියෝ කියති. මෙම වර්ජනය නොතකා ධාවනය වූ බස් කීපයකට පහරදුන් බව කියන පෞද්ගලික බස් සේවකයෝ දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් අද බලපිටිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.