(මහින්ද නිශ්ශංක)
නව දඩ පති‍්‍රකාවට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සේවකයින් ආරම්භ කළ පෞද්ගලික බස් රථ වර්ජනය අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට නතර කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමයේ ප‍්‍රධාන සංවිධායක යූ. කේ. කුමාරරත්න රේනුක මහතා පැවසීය.
වර්ජනය නතර කර අද (17) මධ්‍යම රාති‍්‍රයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක යෙදෙන බව ද ඒ මහතා කීය.
බස් හිමියන්ගෙන් සේවකයන්ට එල්ල වන බලපෑම් හා තර්ජන නිසා වර්ජනය නතර කිරීමට සිදු වූ බව ද ඔහු කීය.

