කොළඹ - බදුල්ල මගීන් 40 දෙනෙකු රැගත් බසයක් බණ්ඩාරවෙල කොලතැන්නේ වංගුවක් ගනිද්දී දුම්රිය පාරට ඇදී ගොස් ටික දුරක් එහි ධාවය වී නතර විය.
දුම්රිය ගේට්ටුකරු වහා බණ්ඩාරවෙලට හා හපුතලේට මේ බව දැන්වීය. කොළඹට එන උඩරට මැණිකේ බණ්ඩාරවෙල ද, පොඩිමැණිකේ හපුතලේ ද පැය බාගය බැගින් නතර කැර ගැනීමට සිදු විය. එතැන සිට බණ්ඩාරවෙලටත්, හපුතලේටත් දුර කිලෝමීටර් 10ක් පමණ වේ.
රාමයියා වර්දරාජා (53) නම් වූ ගේට්ටුකරු වහා මගීන් රේල්පාරෙන්ද ඉවත් කිරීමට ක්‍රියා කළේය.