බස් රථවල වාදනයට සුදුසු ගීත ලැයිස්තුවක් ජනවාරියේ සිට


(දමිත් වික්‍රමසේකර)
 

පෞද්ගලික බස් රථවල වාදනය කිරීමට සුදුසු ගීත ලැයිස්තුවක්  ලබන ජනවාරි 1 වැනිදා සිට ලබාදීමට රජය තීරණය කර තිබේ.

බස් රථවල වාදනය වන ඝෝෂාකාරී සංගීතය නවතාලීම සඳහා රජය මීට දායක වන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

බස් රථවල ඝෝෂාකාරී සංගීතය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මහජනතාවගෙන් 15,000කට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

නව රෙගුලාසි අනුව, පෞද්ගලික සහ ලංගම යන බස් රථ දෙවර්ගයේම, සීඩී පට සහ පෙන්ඩ්‍රයිව් වාදනය තහනම් කිරීමට නියමිතය.  එසේම බස් රථවල ගුවන්විදුලි යන්ත්‍රවලින් නිකුත් වන ශබ්ද නාද සඳහා සීමාවක් නියම කිරීමට ද කටයුතු කෙරේ. 

(සන්ඩේ ටයිම්ස් ඇසුරිනි)