බස්-ත්‍රීරෝද රථ අනතුරින් දෙදෙනෙක් මරුට


(රංජිත් රාජපක්‍ෂ)

හැටන්-නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ ලිදුල යොර්විල් වත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් හා ති‍්‍රරෝද රථයක් ගැටී ති‍්‍රරෝද රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු එම ස්ථානයේම මිය ගොස් ඇතැයි ලිදුල පොලිසිය පවසයි.

තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ලිදුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මුලික රෝහල වෙත මාරුකර යැවූ බවද පොලිසිය කියයි.

කොළඹ සිට නුවරඑළිය දක්වා ඇමෙරිකානු සංචාරකයන් පිරිසක් රැගෙන ගිය බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.