බස් ගින්නෙන් කාටවත් හානියක් නෑ


හෝමාගම ඩිපෝවේ ලංගම බසයක් හපුතලේ නගර සමීපයේ දී ගිනි ගනිද්දී එහි සිටි මගීන් ඉවතට පැන දිවි බේරාගත් බවත් හපුතලේ නගර සභාව හා පොලිසිය මහජනයා සමග එක්ව ගින්න නිවා දැමූ බවත් පොලිසිය කියයි.