(අකිල බද්දෙවිතාන)
ජූලි 1 වැනිදා සිට සිදුකිරීමට යන බස් ගාස්තු සංශෝධනය පිළිබදව අද(20) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචි පවසයි.
බස් ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
බස් ගාස්තු වැඩිවීමක් සිදුවනවාද නැද්ද යන්න අද කැබිනට් මණ්ඩලයේ දී තීරණය කෙරෙනු ඇතැයි පැවසේ.
බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජුලි 1වැනිදා ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට අනුමැතිය ලැබී ඇති අතර මෙවර එය 6%ක උපරිමයකට යටත්ව සංශෝධනය වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ඇතැම් බස් සංගම් පෙන්වා දෙයි.

