(මහින්ද නිශ්ශංක)
මඩොල්සිම ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරැළී වූ අනතුරින් මිය ගිය මගීන් වෙනුවෙන් රුපියල් 50,000 බැගින් අවමංගල්‍යාධාර මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇතැයි එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා පැවසීය.
මෙයට අමතරව තුවාල ලබා දැනට රෝහල්ගතව සිටින මගීන්ට ප්‍රතිකාර ලබාගැනීමේදී අවශ්‍ය වන සියලුම ද්‍රව්‍ය ගමනාගමන මණ්ඩලය මගින් සැපයීමට තීරණය කර ඇතැයිද සභාපතිවරයා කීය.

