බල්ලා හාම්පුතා වෙනුවෙන් වෙඩි කයි


ඇමෙරිකාවේ නිවියෝර්ක්  නුවර වීදි සරන්නකූ සිහිසුන්ව පදික වේදිකාවක් මත ඇද වැටෙයි. ඔහුට පිහිට වීම සදහා මහමග යන පිරිස් උත්සහ කළ ද ඔහුගේ සුරතල් බල්ලා තම ස්වාමියා අසලට ළඟා වීමට කිසිවතුට ඉඩ නොදේ. යමකූගේ දැනුම් දීම මත ඵ් ස්ථානයට පැමිණෙන පොලිස් නිළධාරින් දෙදෙනකූ සිහිසුන්ව ඇද වැටී සිටීන පුද්ගලයා අසලට ළඟා වීමට උත්සහා කළ ද බල්ලා පොලිස් නිළධාරින් වෙත ද කඩා පනී. තම ආත්ම ආරක්‍ෂාව සදහා පිස්තෝලය අතට ගන්නා පොලිස් නිළධරයෙක් තමන් වෙත කඩා පනින බල්ලාට වෙඩි තබයි. වෙඩි වැදි මහමග දඟලන බල්ලා ගැන අනුකමිපා වන ඵක් පොලිස් නිළධරයෙක් ගිලන් රියක් කැඳවා බල්ලා පශූ වෛද්‍ය රෝහලක් වෙත යොමු කරයි.   ජිවීත පුදා හෝ තම ස්වාමියා ආරක්‍ෂා කිරිමට ඉදිරිපත්වු පික්බුල්  බල්ලාගේ ජිවීතය බේරා ගැනිමට පශූ වෛද්‍යවරුන් සමත් වු බව ඇමරිකානු මාධ්‍ය පවසයි.