(දිලීප් ජයසේකර)
බලපත්‍ර නොමැතිව හා නීති උල්ලංඝණය කරමින් වැලි හා පස් ප්‍රවාහනය කළ ටිපර් රථ රියදුරන් 12 දෙනෙක් අම්බලන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (19) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් 12 දෙනාට හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා රුපියල් 215,000 ක දඩ මුදලක් නියම කැරිණි.
සැකකරුවන් නව දෙනෙකු වැලි වැලි ප්‍රවාහනය කර හා තිදෙනෙකු පස් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් වරද පිළිගැනීමෙන් පසු එක් සැකකරුවෙකුට රුපියල් 15000/= බැගින් සැකකරුවන් 11 දෙනෙකුට රුපියල් 165000/= දඩ මුදලක් හා බල පත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කළ එක් සැකකරුවෙකුට රුපියල් 50000/=ක දඩයක්ද නියම විය.

