නීතියට පටහැනිව කිසිවක් නොකරන බවත් සියලුම දේ කරනුයේ රජය සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක සී. විග්නේෂ්වරන් මහතා යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝදනය යටතේ බලතල විමද්‍යගත කරන බව කීවේ අප නොවේ ජනාධිපතිතුමාය. 13 න් එහාටත් යන බව එතුමා කීවා.
ඒ නිසා අපි රජය සමග මේ ගැන සාකච්ඡා කරනවා. රජය අපිට හරි පිළිතුරක් නොදුන්නොත් ඉන්දියාව හෝ වෙන කව්රුන් හෝ සමග සාකච්ඡා කරනවා. ඒ දේ ඒ වෙලාවට බලමු යනුවෙන්ද විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.
දෙමළ සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කතා කරමින් 13 වෙනි ව්‍යවස්ථාවෙන් වන බලතල උතුරු පළාත් සභාවට අවශ්‍ය බව කීවේය.
දෙමළ ජනතාවගේ අන්‍යයතාවය සංස්කෘතිය වැනි කරුණු වලදී ස්ව්‍යං තීරණ ගැනීමේ අයිතියක් අවශ්‍ය බව ඔහු කීවේය.