බර්ලින් පන්සලේ කඨිනය 19 වැනි දා


බර්ලින් සම්බෝධි විහාරස්ථානයේ මෙවර කඨින පිංකම ඔක්තෝබර් මස 19 වැනි සෙනසුරාදා බර්ලින් නුවර ජර්මන් ජාතික බෞද්ධ සංගම් ශාලාවේදි පැවැත්වීමට යයි.

ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේනාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මේ පිංකම සංවිධානය කැරෙයි.

ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ වැඩ වසන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා හා තායි භික්ෂූන් වහන්සේලා දහ නමක් මෙම පිංකමට සහභාගි වන අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්,  ජර්මනියේ කාම්බෝජ් තානාපති ආචාර්ය විද්‍යා චෙම් මහතා, ජර්මන් බෞද්ධ සංගමයේ  සභාපති ආචාර්ය රෙනර් නුවාක් මහතා ඇතුළු සිංහල, ජර්මන්, තායි, සහ කාම්බෝජ් බෞද්ධයන් විශාල පිරිසක් සහභාගි වන අතර බර්ලින් නුවර පදිංචි කාන්ති ස්ටිලර් මහත්මිය ප්‍රධාන එම පවුලේ සියළු දෙනා විසින් කඨින චීවරය පුජා කිරීම සිදු කරනු ලබන්නේය.