බර්මිංහැම් පන්සල විසිවසර සපුරයි


ලන්ඩනයේ බර්මින් හැම් බෞද්ධ විහාරයේ විසි වැනි සංවත්සරය විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු විය. ලන්ඩනයේ ප්‍රධාන සංඝ නායක හා ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද සෙසු ආගමික නායකයෝ ද ලන්ඩන් පුරපති ද, ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ද, ආරාධිතයෝ වූහ. මහා රැජින නියෝජනය කරමින් ජග්ජිට් ටෝසක් සාමිවරයා ද ලන්ඩනයේ ඉන්දියා මහා කොමසාරිස් ද දේශන පැවැත් වූහ. ලන්ඩනයේ ආගමික හා ප්‍රජා සාමුහිකත්වය මේ උත්සවයේ කැපී පෙණිනි.