බර්ටිගේ ගබඩා තුනකට සීල්
මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිළධාරිහු පිරිසක් උතුරු මැද හිටපු මහා ඇමැතිගේ බඩු ගබඩා තුනකට අද සීල් තැබූහ. උතුරු මැද ඡන්දයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කරන සන්ධාන අපේක්ෂකයන්ගේ නම හා මනාප අංක සටහන් කර තිබූ වතුර මෝටර් දහසක් පමණ ද, වතුර පිල්ටර දහසක් පමණ , එහි ගබඩා කර තිබිණැයි දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.අනුරාධපුර සුරපුර ද මහජන ක්‍රිඩාංගනය අසල සංස්කෘතික මධ්‍යස්ථනයේ ද පුලියන්කුලමේ යන්ත්‍රෝපකරණ ඒජන්සියේ ද මෙම ගබඩා පිහිටියේය. අනුරාධපුර සහාකාර මැතිවරණ කොමසාරිස් පැවැසුයේ, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් මත කොළඹින් ආ නිලධාරීන් හා තම දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මෙම වැටලීම කළ බවයි.

