(ශාන්ත චන්ද්‍රසිරි)
පතන, කෙලීවත්තේදී බඹරුන් ඇනීමෙන් වතු කම්කරුවෙකු අද (23) මියගොස් ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කෙලී වත්තේ පදිංචි මුත්තුලිංගම් ඊස්වරන් (56) නැමැති වතු කම්කරු සිව්දරු පියෙකි.
මෙම පුද්ගලයා දර සෙවීම සඳහා කෙලීවත්තේ සිට දිඹුල වත්තට ගොස් ඇති බවත්, ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී බඹරුන් ඇන ඇති බවත් අනාවරණය වී ඇත.
බඹරුන් ඇනීමෙන් දරුණු ලෙස තුවාල ලැබු මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පසුව මියගොස් ඇතැයි පොලිසිය කියයි.
තවත් කම්කරු කාන්තාවන් හතරදෙනෙකුද බඹරු ඇනීමෙන් තුවාල ලබා ඇති අතර, ඔවුන්ද මේ වනවිට කොටගල රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය පිළිබදව දිඹුල - පතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






