(ශාන්ත චන්ද්‍රසිරි)
හෝටන්තැන්න වනෝද්‍යානයේ ලෝකාන්තය ප්‍රදේශයේදී බඹරු ඇනීමෙන් අද(20) විදේශීය සංචාරකයන් දෙදෙනෙකු සහ මඟ පෙන්වන්නන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
මෙම සංචාරකයන් හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණ සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබේ.
හදිසි ගිලන් රථ සේවාව මගින් ඔවුන් නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න මහතා පැවැසීය.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොමැති නමුත්, විදේශීය සංචාරකයන් දෙදෙනා කම්පනයට පත්ව සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

