(රංජිත් රාජපක්ෂ )
තේ වතු ආශ්‍රිතව වැඩ කරන වතු කම්කරුවන් නිරන්තරයෙන් බඹර ප්‍රහාර වලට ලක් වන නිසා බඹර ප්‍රහාරයට ලක් වන වතු කම්කරුවන්ට බඹර ප්‍රහාරයෙන් බේරිමට ආරක්ෂිත ඇදුම් කට්ටලයක් හදුන්වාදිමට නුවරඑලිය දිස්ත්‍රික්කයේ රාජ්‍යය සේවකයින්ගෙන් සැදුම්ලත් සංගමයක් කටයුතු කර ඇත.
ආනයනය කරන ලද වැසි ජලයට ඔරොත්තු දෙන රෙදි වර්ගයකින් නිර්මාණය කර ඇති මෙම ආරක්ෂිත ඇදුම් කට්ටලය කාන්තාවන්ට සහ පිරිමින්ට වෙන් වෙන් වශයෙන් නිෂ්පාදනය කර ඇත.
හදිසි බඹර ප්‍රහාරයකදි සම්පුර්ණයෙන්ම බඹර ප්‍රහාරයෙන් බේරිමට මෙම ආරක්ෂිත ඇදුම් පැලද සිටිමෙන් හැකියාව ලැබෙන බව මෙම ආරක්ෂිත ඇදුම්හ දුන්වාදුන් එම සංගමයේ සමාජික කිංස්ලි ගෝමස් මහතා සඳහන් කරයි.
එම ආරක්ෂිත ඇදුම පැලද කදුකරයේ පවතින විවිධ කාලගුණ තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට තේ වතු ආශ්‍රිතව වතු කම්කරුවන්ට වැඩ කළ හැකි බවත්, මෙම ආරක්ෂිත ඇදුම තවදුරටත් වැඩි දියුණු කර වතු පාලන අධිකාරියට හදුන්වා දිමට කටයුතු කරන බවයි කිංස්ලි ගෝමස් මහතා සඳහන් කරයි.
තේ වතු ආශ්‍රිතව බැද තිබෙන බඹර කුඩු විනාශ නොකර බඹර ප්‍රහාර වලින් වතු කම්කරුවන් ආරක්ෂා කර ගැනිමටත් , තේ වතු ආශ්‍රිතව බැද තිබෙන බඹර කුඩු විනාශ නොකර එම කුඩු ඉවත් කරන ආකාරය සම්බන්ධයෙන් වතු කම්කරුන් දැනුවත් කිරිමේ වැඩසටහන් වතු පාලන අධිකාරියේද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව කිංස්ලි ගෝමස් මහතා කියා සිටියේය.
තේ වතු ආශ්‍රිතව බඹරුන් කුඩු බැදිමේ ප්‍රවණතාවය වැඩි වි ඇති බවත් , බඹරුන්ට තේ වතු ආශ්‍රිතව විශාල ගස් , ගල් ගුහා සහ තේ පදුරු මත බඹර වද බැදිමට සුදුසු පරිසරයක් පවතින නිසා බඹරුන් මෙසේ තේ වතු ආශ්‍රිතව විශාල වශයෙන් කුඩු බදින බවයි පරිසරවේදිහූ කියා සිටිති.
බඹර ප්‍රහාරය වලට ලක් වි පසුගිය කාලය තුළ වතු කම්කරුවන් කිහිපදෙනෙකු මිය ගිය අතර වතු කම්කරුවන් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.




