බඹර ප්‍රහාරයෙන් පසු ගමන සිංහ පාදය දක්වා පමණයි


අද (සෙනසුරාදා) දෙවන දිනටත් සීගිරියේ බඹරු ඇවිස්සී දේශීය සංචාරකයන් සියයකට පමණ දෂ්ඨ කැර ඇතැයි ද පනහකට ආසන්න පිරිසක් රෝහල් ගතකැර ඇතැයි ද පොලීසිය හා රෝහල් ආරංචිමාර්ග කියයි. අද විශාල පිරිසක් සීගිරි පර්වතය නැරඹීමට ආහ. ප්‍රහාරයෙන් පසු සිංහ පාදයෙන් උඩට යාමට සංචාරකයන්ට අවසර දුන්නේ නැත.