බබාට අයිස් ක‍්‍රීම් වහවේ


‍මවගේ පාදයේ අමාරුවට ගෙනා බෙහෙත් අයිස් ක‍්‍රීම් යැයි කියා කෑ තුන් හැවිරිදි දරුවෙක් යාපනය රෝහලේදී මිය ගියේය. යාපන කෙරුඩාවිල්හි පදිංචි මෙම මව මිදුලේ වැඩ කරමින් සිටියදී දරුවා එම බෙහෙත් බඳුන කා අයිස් ක‍්‍රීම් කෑ බව මවට කියා ඇත. මවුපියන්ගේ  නොසැලකිල්ල නිසා මෙවැනි මරණ සිදුවෙතියි වෛද්‍යවරු කීහ.