බණ්ඩාරවෙල නගරයේ පදික වෙළෙන්දෝ 25 දෙනෙක් පමණ එළවළු බෑග් අතැතිව උපවාසයක් ඇරැඹුහ.
තමන් වෙළදාම් කළ ස්ථාන නගර සභාවෙන් අහිමි කළැයි ඔවුන් චෝදනා කරති.එහෙත් නගර සභාව පවසනුයේ දුම්රිය පොළ අසලින් ඔවුන්ට වෙනත් ස්ථාන දී ඇති බවයි.එහි වෙළදාමක් නැතැයි පදික වෙළෙන්දෝ කියති.