ඉකුත් අයවැයෙන් අඩු කළ විවාහ ලියා පදිංචි කිරීමේ ගාස්තුව සඳුදා (16) සිට රුපියල් දහස දක්වා අඩු කළ බව කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් ටී එම් ප්‍රේමසිරි මහතා පැවසීය.
මෙම ගාස්තු අඩු කිරීම් සම්බන්ධව දිවයිනේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය රෙජිස්ට්‍රාර්වරුන් වෙත අද (17) දැනුම් දුන් බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව මෙතෙක් තිබු රුපියල් පන්දහසේ විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් දහස දක්වා අඩු කෙරේ.
රජය මෙම සහනය දෙන බව ප්‍රකාශ කළේ ජනවාරි 19 වැනිදා අතුරු අය වැය ඉදිරිපත් කරමිනි.එහෙත් එම සහනය මෙතෙක් නොලැබිණි.

