බන්ධනාගාරවල 3,000 ට වැඩි සංඛ්‍යාවකට කොරෝනා


කොරෝනා වයිරසය ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන අද (14) 3,000 ඉක්මවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රැඳවියෝ 2,984 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීහු 103 දෙනෙක් ඒ අතර වෙති.

ආසාදිත රැඳවියන්ගෙන් 2,795 ක් පිරිමි රැඳවියන් වන අතර, 189 දෙනෙක් කාන්තා රැඳවියෝ ය.

වයිරසය ආසාදනය වීමෙන් රැඳවියන් 4 දෙනෙකු මිය ගොසිනි.

(ඩෙිලි මිරර්)