බන්ධනාගාරය රෝහලට වෙනම නීතියක්


බන්ධනාගාර රෝහල තුළ සහකාර වෛද්‍යවරුන්ගේ අධිකාරියක් පවත්වාගෙන යාමට උත්සහකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ප්‍රකාශ කරයි.
 
බන්ධනාගාර රෝහල තුල සහකාර වෛද්‍යවරුන් නව දෙනකු සේවය කරන අතර ඉන් වෛද්‍යවරුන් හත් දෙනකු වසර 05 ට වැඩි සේවාකාලයක් බන්ධනාගාර රෝහලේ කටයුතු කරන බවත් ඇතැම් සහාකර වෛද්‍යවරුන් වසර 10 ක පමණ කාලයක් අඛණ්ඩව බන්ධනාගාර රෝහලේ සේවයකරමින් සිටින බවත් එම සංසදය කියයි.
 
එබැවින් වසර පහකට වඩා සේවය කරන වෛද්‍යවරුන් සඳහා වහාම ස්ථානමාරුවීම් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සෞඛ්‍ය අමාත්‍යාංශයේන් ඉල්ලා සිටියි.
 
 වෛද්‍යවරයකු අඛණ්ඩව රෝහලක සේවය කළයුතු කාලසීමාව වසර පහක් වවද බන්ධනාගාර රෝහල තුළ එය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කරයි.

044