බන්ධනාගාර වෑන් රිය ගසක හැපී සැරයන් මරුට:රැඳවියන් ඇතුළු 5 ක් රෝහලේ


( ජයන්ත සමරකෝන් )
 
බෝගම්බර බන්ධනාගාරයේ සිට රැදවියන්  රැගෙන පොළොන්නරුව බන්ධනාගාරයට යමින් සිටි  බන්ධනාගාර වෑන් රියක් සීගිරිය, දිගම්පතහ  ප්‍රදේශයේදී  අද (18)  ගසක හැපීමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන් ගත්  බන්ධනාගාර සැරයන්වරයකු මිය ගොස්  ඇතැයි සීගිරිය පොලීසිය කියයි.
 
එමෙන්ම අනතුරින් තුවාල ලැබූ  නිලධාරීන් දෙදනකු හා රැදවියන් තිදෙනකු ද දඹුල්ල  මූලික රෝහලට ඇතුළු කළ බව සීගිරිය පොලීසිය පවසයි.
 
මියගොස් ඇත්තේ බෝගම්බර (දුම්බර) බන්ධනාගාරයේ සේවය කළ ඊ. එම් ඒකනායක නැමැති සැරයන්වරයෙක්  බව හඳුනාගෙන ඇතැයි සීගිරිය පොලීසිය සඳහන් කරයි.
 
සිද්ධිය සම්බන්ධයෙන්  සීගිරිය පොලීසිය සහ  බන්ධනාගාර මූලස්ථානය පරීක්ෂණ අරඹා තිබේ.