
(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ නියාමකවරයෙකු එහි රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇද්ද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
බන්ධනාගාර බුද්ධි අංශ මගින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය සිදු කෙරේ.
පසුගියදා මෙම සැකකාර නියාමකවරයා කංජිපානි ඉම්රාන් නැමැති විශේෂ ගනයේ සිරකරුව රඳවා සිටින විශේෂිත සිරකුටියට ගොස් එම රැඳවියා ඉදිරියේ ඉතාම යටහත් පහත් ආකාරයට හැසිරෙන අයුරු බන්ධනාගාර බුද්ධි අංශ විසින් සීසීටීවී කැමරා ඔස්සේ නීරික්ෂණය කර ඇති අතර පසුව ඒ පිළිබඳව කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කළේය.

