බන්ධනාගාර කැරැල්ලෙන් 16 ක් මරුට


බන්ධනාගාරයේ කැරැල්ලෙන් 16 දෙනකු මියගොස් ඇතැයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. තුවාල ලැබූ 59 දෙනකු ජාතික රෝහලට ඇතුලත් කැර ඇති අතර තුවාල ලැබූවන් 43 දෙනකු මේ වනවිට ප්‍රතිකාර ලබති. තුවාල ලැබූවන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ 13 ක්, බන්ධනාගාර නියාමකයෙක් හා සිවිල් වැසියෙක් ද සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.