බන්ධනාගාර කැරැල්ලෙන් 11 ක් මරුට
බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලට 40 දෙනකු ගෙන ආ බවත් රෝහලට ගෙන එන විටත් ඉන් 11 දෙනකු මියගොස් ඇති බවත් හය දෙනකුගේ තත්ත්වය බරපතල බවත් ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. බන්ධනාගාරය අසළ රැඳී සිටින මාධ්‍යවේදීන් පවසන්නේ තවමත් ඉදහිට පිපිරීම් ශබ්ද ඇසෙන බවයි.

