බන්දුල හරිස්චන්ද්‍ර වවුනියා දිසාපති.
ගාල්ල අතිරේක දිසාපති එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා වවුනියාව මහා දිසාපති ලෙස අද වැඩ බාර ගත්තේය.
බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ආගමික නායකයන්ගේ ආසිරි මැද ඔහු වැඩ බාර ගත්තේය. පී.මුදන්නායක මහතාගෙන් පසුව වවුනියාවට දකුණින් දිසාපතිවරයකු පැමිනියේ වසර තිස් එකකට පසුවය.
පී.එච්.එස්.චාල්ස් මහත්මිය මඩකලපුව දිසාපතිනිය ලෙස වැඩ බාරගැනීම නිසා මේ පුරාප්පාඩුව ඇතිවිය.

