බදුලූ දොස්තරටත් මල්වඩමක් යවලා
රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් දොස්තර පාලිත රාජපක්‍ෂ ගේ පින්අරාව නිවසේ ගේට්ටුවේ අද මල්වඩමක් එල්ලා තිබිනැයි බදුල්ල පොලිසිය කියයි. වෛද්‍ය නිවසට පොලිස් ආරක්‍ෂාව සලසා ඇත. වෛද්‍යවරයාගේ බිරියට හා තවත් වෛද්‍යවරයකුටද දුරකථනයෙන් බැණ තර්ජනය කළැයි කියති.

