(සම්පත් ප්‍රියනන්දන)
බලංගොඩ ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ ඇති ප්‍රධාන මාර්ග කිහිපයක්ම ලිස්සන සුළු තත්ත්වයක් පවතින බැවින් රිය පැදවීමේදී කල්පනාකාරී වන්නැයි බලංගොඩ රථ වාහන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩෙ - බෙලිහුල්‍ඔය සහ බලංගොඩ - ඕපනායක අතර කොටසේ වර්ෂා දිනවලදී අනතුරු බහුලව වාර්තා විය.
මීට අමතරව බලංගොඩ වේවැල්වත්ත ,බගවන්තලාව, වැලිගෙපොල, වැනි මාර්ග කඳු බෑවුම් සහිත පටු මාර්ග බැවින් මාර්ගයේ පවතින තෙත ගතියත් සමඟ වාහන ලිස්සා යෑමේ අවදානමක් පවතියි.
පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් සෑම විටම කල්පනාකාරීව හා ආරක්ෂාකාරීව එම මාර්යන් භවිත කරන්නැයි බලංගොඩ රථ වාහන පොලිසිය රියදුරන්ට පවසයි.