(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ, දුන්හිඳ දෙවන වංගුවේ ඉහළින් පිහිටි කඳු වැටියේ පවත්නා නායයාමේ අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු එම්. අයි. ඒ. සජීර් මහතා පැවසීය.
මේ හේතුවෙන් මාර්ගයේ පස් කඳු ඉවත් කිරීම තාවකාලිකව අත්හිටවූ බවද, වාහන ගමනාගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කළ බවද ඔහු කීය.
මාර්ගයට කඩා වැටී ඇති පස් කන්ද ඉවත් කළහොත් ඉහළින් පිහිටි කඳුවැටියේ පස් තවදුරටත් කඩා වැටී මාර්ගය වැසී යාමට ඉඩ ඇති බවද ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවැසීය.
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ දෙවන වංගුව වෙත මීට සති කීපයකට පෙර කඩාවැටුණු පස්කඳු තවමත් ඉවත් නොකරන්නේ මන්දැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් ඉංජිනේරුවරයා වැඩිදුරටත් මෙලෙස පැවසීය.
‘‘ පහුගිය දිනවල පැවැති වර්ෂාවත් සමඟ බදුල්ල මහියංගණ මාර්ගයේ ස්ථාන කිහිපයකම පස්කඳු කඩාවැටුණා. දුන්න වංගුවේ ඉහළින් පිහිටි කඳු වැටියේ පවත්නා නායයාමේ අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු එම්. අයි. ඒ. සජීර් මහතා පැවසීය.
මේ හේතුවෙන් මාර්ගයේ පස් කඳු ඉවත් කිරීම තාවකාලිකව අත්හිටවූ බවද, වාහන ගමනාගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කළ බවද ඔහු කීය.
මාර්ගයට කඩා වැටී ඇති පස් කන්ද ඉවත් කළහොත් ඉහළින් පිහිටි කඳුවැටියේ පස් තවදුරටත් කඩා වැටී මාර්ගය වැසී යාමට ඉඩ ඇති බවද ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවැසීය.
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ දෙවන වංගුව වෙත මීට සති කීපයකට පෙර කඩාවැටුණු පස්කඳු තවමත් ඉවත් නොකරන්නේ මන්දැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් ඉංජිනේරුවරයා වැඩිදුරටත් මෙලෙස පැවසීය.
‘‘ පහුගිය දිනවල පැවැති වර්ෂාවත් සමඟ බදුල්ල මහියංගණ මාර්ගයේ ස්ථාන කිහිපයකම පස්කඳු කඩාවැටුණා. දුන්හිද දෙවැනි වංගුවේ ඉහළින් පිහිටි විශාල පස් කන්දක් මාර්ගයේ වංගුව වෙත කඩා වැටී තිබෙනවා. පස් කන්ද කඩා වැටුණු ස්ථානය අසළ කන්දේ තවත් කීප තැනකම පිපිරීම් දැකගන්නට ලැබෙනවා.
මෙම වංගුවත් සමග පිහිටි කඳුවැටියේ ඇති පිපිරීම් පිළිබඳ මේ වනවිටත් අපේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව පහළට කඩාවැටුණු පස් කඳු ඉවත් කිරීම සිදුකළ හොත් ඉහළින් පිහිටි බුරුල්වූ පස් තට්ටු යළිත් තල්ලුවී මාර්ගය තුළට කඩා වැටීමේ අවදානමක් පවතින බව අපි නිරීක්ෂණය කළා. ඒ අනුව තමයි අපි මෙම පස් කන්ද ඉවත් නොකිරීමට තීරණය කළේ. වර්ෂා තත්වය පහවීමත් සමගම මේ පිළිබද යම් ක්‍රියා මාර්ගයක් ගනු ලබනවා.
අපි මේ සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කළා” යැයිද ඔහු පැවසීය.




