බදුල්ල - පස්සර මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි


(ප්‍රසන්න පත්මසිරි)

පවතින වැසි කාලගුණයත් සමඟ බදුල්ල-පස්සර මාර්ගයේ වේවැස්ස ප්‍රදේශයට අද (19) උදෑසන පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය පැය දෙකක් අවහිර වී තිබූ බව පස්සර පොලිසිය කියයි.

මාර්ගය අවහිර වීමෙන් රථ වාහන හා මගී ජනතාවට පැය දෙකක පමණ කාලයක් මාර්ගයේ ගමන් කිරීමට නොහැකිව එක තැන රැඳී සිටියදී මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගය පිළිසකර කර තිබෙන අතර මාර්ගයට නිතර පස්කඳු කඩා වැටී අවහිර වන බව පොලීසිය කියයි.