බදු පයිල් මකන්න ලක්ෂ 30ක් ගෙවලා
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු වංචාවට සම්බන්ධ යැයි සැකපිට සමාගම් ප්‍රධානියෙක් ද කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. ඔහුගේ සමාගමෙන් ගෙවිය යුතු බදු දේශීය ආදායම් දෙපාර්තමේන්තු පරිගණකයෙන් මකා දැමීම සඳහා ඔහු එහි විශ්ලේශක ලෙස්ලි රොවෙල්ට හා තක්සේරු කරු ඩාර්ලිස් නාකන්දලට රුපියල් ලක්ෂ 30ක් ගෙවී යැයි පොලිසිය අධිකරණයට දැන්වීය. ඒ දෙදෙනා ද යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

