(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)
ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කළ බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
පාස්කු ප්‍රහාරය සිදු වූ දිනට පසුව අමාත්‍යංශයට අයත් වාහනයක් සමඟ අමාත්‍යවරයාගේ සොයුරා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍යවරයා මෙසේ පැමිණි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

