බදියුදීන් ගැන බන්ධනාගාරයෙන්ද විශේෂ පරීක්ෂණයක්


(ඉන්දිකා රාමනායක)

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාරය තුළදී එහි වෛද්‍යවරයෙකුට තර්ජනය කර අපහාසාත්මකව බැන බැඳීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ මෙම විශේෂ පරීක්ෂණය ආරම්භ කර ඇති බව ද චන්දන ඒකනායක මහතා සදහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට සහ බොරැල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත .