බදාදා පාර්ලිමේන්තුව නොපැවැත්වීමට හේතුවක් නෑ


 
(සුජිත් හේවාජූලිගේ)

 
එළඹෙන බදාදා (5) සහ බ්‍රහස්පතින්දා (6) දිනවල පාර්ලිමේන්තුව නොපැවැත්වීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.


පක්ෂ නායක රැස්වීමේදී හෝ වෙනත් කිසියම් ස්ථානයක දී කතානායකවරයාට එවැනි උපදෙසක් ලැබී නැතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.


ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පැවැත්වෙන බදාදා (5) සහ බ්‍රහස්පතින්දා (6) දිනවල පාර්ලිමේන්තුව නොපැවැත්වෙන බවට පළවී ඇති මාධ්‍ය වාර්තා සැළකිල්ලට ගෙන කතානායකවරයා මේ නිවේදනය නිකුත් කර ඇත.