(රොමේෂ් මධුෂංඛ)
යාපනය මණියන්තෝට්ටම් ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දැරියකගේ සිරුර මතට බත් මුට්ටියක් පෙරලී එහි තිබූ කැඳ වතුරට සිරුර දැඩි ලෙස පිලිස්සීමෙන් අවුරුදු දෙකක් වයසැති දැරියක් අද (01) ම මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
මණියන්තොට්ටම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකක් වයසැති යසින්තන් ජයලක්ෂි නැමති දැරිය මෙලෙස මියගොගොස් තිබේ.
නිවසේ සෙල්ලම් කරමින් දැරියගේ මව බත් පිසමින් සිටි මුලුතැන් ගෙට ගොස් ඇත.
එහිදී ලාම්පුතෙල් ලිපක් මත තිබූ බත් මුට්ටියට දැරිය එකවරම පා පහරක් ගැසීමෙන් බත් මුට්ටියේ තිබූ උණු කැඳ සහිත වතුර දැරියගේ ඇඟ මතට වැටුණු බව දැරියගේ මව පොලීසියට පවසා ඇත.
උණු කැඳ වතුර සිරුරට වැටීම හේතුවෙන් දැඩි ලෙස පිලිසුම් තුවාල සහිතව යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලද දැරිය ප්‍රතිකාර ලබමින් සිටියදී අද (01) දින මෙසේ මිය ගොස් තිබේ.

