සිසු කලබල නිසා දින නියමයක් නැතිව වසා දැමුණු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ශ්‍රේණි කිහිපයක් ලබන සඳුදා (10) විවෘත කිරීමට අද ජාතික පාසල් අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාසලේ දී පැවැති රැස්වීමක දී තීරණය විය.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එසේ කේ මල්ලවආරච්චි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහත්වරු ද, අදි ශිෂ්‍ය සංගමයේ හා පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීහු ද, විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් මේ රැස්වීම පැවැත්විණි.
පාසලේ 6, 7 සහ 8 ශ්‍රේණි ලබන සඳුදා (10) විවෘත කරන බවත්, ඉතිරි පන්ති පසුව ආරම්භ කරන බවත් ජාතික පාසල් අධ්‍යක්ෂ ලංකාදීපයට කීවේය.

